රටේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්ණය හරියට තේරුම් ගෙන ගෝටාභය පොහොට්ටුවේ අපේක්‍ෂක කලා.. එජාපයට අමාරුයි..- ෆොන්සේකා..

2019-08-13 10:17:00       661
feature-top
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වනවිට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ලෙස තේරුම් ගත් නිසා බව ෆීල්ඩ් මාර්ෂල් හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද වනවිට රටේ ඇති ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදි ලෙස තේරුම් ගත් නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට එම පාර්ශවය ඉහළ ඉල්ලුමක් ආ බවද ෆොන්සේකා මහතා පැවසීය.

එම පාර්ශවය සිතන ආකාරයට ඔවුනට සිටින ඒ සදහා සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ බවද ඔහු කියා සිටියේය.

අද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්ණයක් ඇති බවත් ඒ තේරුම් ගත් නිසා ගෝටාභයට ඒ පැත්තෙන් විශාල ඉල්ලුමක් පැමිණි බවත් පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂය මෙම තත්වය තේරුම් නොගතහොත් ජනතා ආශිර්වාදය ගැනීමට නොහැකි වනු ඇතැයිද සඳහන් කළේය.

අද ජනතාව ප්‍රමුඛත්වය දී ඇත්තේ රටේ ආරක්ෂාවට බවත් දුරබලන පුද්ගලයකුට එය තේරුම් ගත යුතු යයි ෆොන්සේකා මහතා කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »