අත්බෝම්බ හා පතුරම් තොගයක් හමුවේ..

2019-08-13 08:50:00       662
feature-top
වවුනියාව, පාවක්කුලම වැව් බැම්ම ආසන්නයේ තිබි බෝම්බ හා පතුරම් සහිත පාර්සලයක් සොයාගත් බවට පාවක්කුලම පොලීසිය පවසයි.

පොලිසිය පැවසුවේ අදාළ පාර්සලය ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකු දැක අනතුරුව ඒ බව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව අදාල ස්ථානයට පොලිස් නිලධාරීන් ගොස්  පාර්සලය පරික්ෂා කිරීමේදී පාර්සලය තුළ තිබ් අත්බෝම්බ දෙකක් හා ටී 56 පතුරම් මැගසින් දෙකක් තිබී හමුවී ඇත.

සොයාගත් බෝම්බ හා පතුරම් සම්බන්ධයෙන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත දැනුම්දී ඇති බවද පරික්ෂණ සිදු කරන පාවක්කුලම් පොලිසිය වැඩිදුරටත්  පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »