පිලිපීනයේ බෝට්ටු අනතුරකින් 31ක් ජීවිතක්ෂයට

2019-08-05 04:53:00       772
feature-top
මධ්‍යම පිලිපීනයේ සිදුවූ බෝට්ටු අනතුරු තුනකින් පුද්ගලයන් 31දෙනෙකු මියගොස් ඇත.

අනතුරුවලින් පුද්ගලයන් තිදෙනෙක් තවමත් අතුරුදන්ව සිටින බව වාර්තා වෙයි.

මෝසම් වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ සුළඟකින් මධ්‍යම පිලිපීනයේ ඉලෝඉලෝ සහ ගුයිමාරස් ප්‍රදේශවලට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටු තුනක් පෙරලී ගොස් ඇත.

අනතුරු සිදුවන අවස්ථාවේ බෝට්ටු දෙකක මගීන් 96දෙනෙකු පමණ සිට ඇති බව සඳහන්.

අනතුරට පත් අනෙක් බෝට්ටුව තුළ මගීන් කිසිවෙකුත් සිට නැහැ.

කෙසේ නමුත් එහි සිටි කාර්යමණ්ඩල සාමාජිකයන් පස් දෙනාම දිවිබේරාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර සිදුවීම් වලින් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ගොඩබිම වෙත ගෙන ඒමේ මෙහෙයුමක්ද එරට බලධාරීන් ආරම්භ කර තිබුණි.

අතුරුදන්ව සිටින සෙසු පිරිස සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.


(under the courtesy of adaderana.lk news web)

More News »