සයිබීරියාවට ගංවතුරින් දැඩි බලපෑම්

2019-08-01 03:31:00       773
feature-top
රුසියාවේ දකුණුදිග සයිබීරියානු කලාපයට ගංවතුරින් දැඩි බලපෑම් එල්ල වී ඇත.

ඉදිරි දිනවලදී මෙම තත්ත්වය වඩාත දරුණුවනු ඇති බව එරට කාලගුණ වාර්තාවල දැක්වෙයි.

දකුණුදිග සයිබීරියාවේ නිවාස රැසක් ජල ගැලීමට හසුවී ඇත.

මේ හේතුවෙන් විපතට පත්ව සිටි දහසකට අධික පිරිසක් මුදාගැනීමට සහන සේවකයන් සමත්ව තිබුණි.

ජල ගැලීම් හේතුවෙන් ජීවිත හානි කිහිපයක් වාර්තාවී ඇති අතර අතුරුදන්ව සිටින පුද්ගලයන් පිරිසක් සොයා සෝදිසි මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි.

අඟහරුවාදා දිනයේ සිට මෙම කලාපයට සුළිකුණාටුවකින් බලපෑම් එල්ලවී ඇති අතර ඒ සමග අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් තිබෙයි.

මේ අතර කඳුකර ප්‍රදේශවලින් අයිස් දියවී ගලා එන ජලයද ගංගාවල ජල මට්ටම ඉහළ යෑමට හේතුවී ඇති බව සඳහන්ය.

මෙම කරුණු දෙක හේතුවෙන් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි කාලගුණ වාර්තාවල දැක්වෙයි.

රුසියාවේ ඉර්කුට්ස්ක් කලාපට ඉකුත් ජුනි මාසයේ සිට ගංවතුරින් බලපෑම් එල්ල වෙමින් ඇත.

ඉන් සිදුවූ  පුද්ගල හා දේපළ හානිය මෙන්ම ආර්ථිකයට සිදුව ඇති බලපෑම ද අතිවිශාලයි.
(under the courtesy of adaderana.lk news web)

More News »