ඉන්දියාවෙන් ගෙනා නීතිවිරෝධී බීඩිකොළ කිලෝ 717ක් අත්අඩංගුවට..

2019-07-24 12:58:00       674
feature-top
තලෙයිමන්නාරම,  වැලිපර ප්‍රදේශයේදී නාවික හමුදාව විසින්  සිදු කළ සෝදිසි කිරීමකදි නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 717 ග්‍රෑම් 82 ක් ඊයේ (23) දින සොයාගෙන ඇත.

තලෙයිමන්නාරම, වැලිපර 05 ත් 07 ත් අතර මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව උතුරුමැද නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් සිදු කළ සෝදිසි කිරීමකදී මෙම බීඩී කොළ සහිත පාර්සල් 13 ක තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 717.82 ක් මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගැනීමට සමත් වී ඇත.

අදාල නීති විරෝධී බීඩිකොළ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කරන අතර අදාල බීඩිකොළ රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැත.

සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.

මේ අතර පසුගිය 21 වන දින මන්නාරම, තාල්පාඩු වෙරළ තීරයේ නාවික හමුදා පුද්ගලයින් සිදු කළ ‍සෝදිසි කිරීමකදි නීතිවිරෝධී බීඩිකොළ ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් වී ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »