සිසු සිසුවියන් 2600ක් ඉගෙන ගන්න පාසලක් තාවකාලිකව වසා දැමීමට සිදු වෙයි

2019-07-24 11:00:00       669
feature-top
සනීපාරක්‍ෂක ගැටළු උග‍්‍රවීම හේතුවෙන් ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි එහි පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නිමල් අබේසිංහ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යවමින් ප‍්‍රකාශ කර තිබෙනවා.

පාසලේ සේවයට යොදවා සිටි එකම සනීපාරක්‍ෂක කම්කරු කාන්තාව අනුප‍්‍රාප්තිකයෙකු නොමැතිව වෙනත් පාසලකට මාරු කිරීම නිසා පාසලේ සනීපාරක්‍ෂක ගැටළු මෙලෙස උග‍්‍ර වී ඇති බවයි එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙනවා. එහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් ගණන  2,600කට වැඩියි. ගුරු මණ්ඩලයේ 87 දෙනෙකු වනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »