පොලිසියේදී අතුරුදහන් වූ ගිනිඅවි දෙක ගැන සොයන්න CIDයට භාරදෙයි

2019-07-24 09:10:00       662
feature-top
පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී 56 ගිනි අවි 02ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබෙනවා. ඒ, වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් අනුවයි.

ගිනි අවි 02ක් මෙලෙස අස්ථාන ගතවීම ආරක්ෂාවට තර්ජනයක් බවයි පානදුර උතුර ප‍්‍රදේශවාසීන් දිගින් දිගටම පෙන්වා දුන්නේ. මේ පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්නැයි ඔවුන් ඉල්ලීම් ද කළ අතර  නෙත් නිවුස් ද මීට පෙර ඒ බව වාර්තා කළා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහ එහි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පානදුර උතුර පොලිසියේ ප‍්‍රජා පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් 11 දෙනෙකුට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉකුත්දා ස්ථාන මාරු ද ලබා දුන්නා
(under the courtesy of nethnews.lk news web)

More News »