බන්ධනාගාර නිලධාරීන්ට අතිරේක පුහුණුවක්

2019-07-24 09:09:00       669
feature-top
බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීම සඳහා විදෙස් ජාතිකයෙකු යටතේ නිලධාරීන්ට අතිරේක පුහුණුවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රටවල් කිහිපයක බන්ධනාගාර සම්බන්ධයෙන් අත්දැකීම් ඇති ස්වීඩන් ජාතිකයෙකුයි මේ සඳහා තෝරාගෙන ඇත්තේ.

බන්ධනාගාරවල සිදුවන නීතිවිරෝධී කි‍්‍රයා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට සහ තොරතුරු ඔස්සේ නීතිවිරෝධී කි‍්‍රයා අනාවරණ කර ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් කටයුතු කළ යුත්තේ කෙසේදැයි ඔහු යටතේ නිලධාරීන් පුහුණු කෙරුණු ඇති.

ඊට අදාළ නියමු ව්‍යාපෘති දෙකක් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය සහ බූස්ස බන්ධනාගාරය කේන්‍ද්‍ර කර ගනිමින් සිදුකිරීමට නියමිතයි. බුද්ධි අංශ නිලධාරීන්ට අමතරව එම බන්ධනාගාර දෙකෙහි නිලධාරීන්ද පුහුණුව සඳහා සහභාගි කරවා ගැනීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අදහස් කරන්නේ.  පුහුණුවීම් ලබන මාසයේ ආරම්භ කරන බවද ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethnews.lk news web)

More News »