වරාය නගරය නිසා ඒක පුද්ගල ආදායම ඩොලර් 1000කින් ඉහළ යනවලු

2019-07-24 09:07:00       667
feature-top
මුහුද ගොඩ කර ඉදිවන වරාය නගරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) සංවාද ඇති වුණා.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් දහසකින් ඉහළ නැංවෙනු ඇති බවයිි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක එහිදී කියාසිටියේ.

වරාය නගරය කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බලප‍්‍රදේශයට ඇතුළත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැවති විවාදයේදීයි මෙම අදහස් පළ වුණේ.

එය අළලා නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.

කොළඹ වරාය නගරය පිහිටි භූමිය කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බල ප‍්‍රදේශයට ඇතුළත් කිරීමේ යෝජනාව මෙහිදී ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරුණා.

More News »