ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට අලුත් බලයක්

2019-07-23 03:56:00       673
feature-top
ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු කාලවලදී පාසල් රාජකාරීවලට බාධා නොවන පරිදි නිවාඩු ලබාදීමේ අභ්‍යන්තර පටිපාටියක් සකස් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු අනුමත කිරීමේ බලය විදුහල්පතිවරුන් වෙත පැවරීමටයි අධ්‍යාපන ලේකම්වරයා තීරණය කර ඇත්තේ. කෙසේවෙතත් සේවා අවශ්‍යතාව මත ඕනෑම අවස්ථාවක ඔවුන් යළි සේවයට කැඳවීමේ හැකියාව ද පවතිනවා. මීට අදාළ උපදෙස් ලිඛිතව ද ලබාදී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.


(under the courtesy of nethnews.lk news web)

More News »