දෙහිවල ප්‍රදේශයෙන් මුහුදු ගිය බෝට්ටුවක් අතුරුදන්

2019-07-23 03:21:00       669
feature-top
දෙහිවල ප්‍රදේශයෙන් මුහුදු ගිය බෝට්ටුවක් අතුරුදන් වී තිබෙනවා. ධීවරයින් 03 දෙනෙකු ධීවර කටයුතු සඳහා මෙම බෝට්ටුවෙන් මුහුදු ගොස් ඇති බවයි පැවසෙන්නේ. ඔවුන් ඊයේ (22) අලුයම 05ට පමණ මුහුදු ගමන ආරම්භ කර තිබෙනවා.

දිවි බේරාගත් එක් ධීවරයෙකු යළි ගොඩබිමට පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. තවත් ධීවරයෙකුගේ මල සිරුර රත්මලාන ප්‍රදේශයේ වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා.

 


(under the courtesy of nethnews.lk news web)

More News »