සියලු පාසල් නියාමනය කළ හැකි නව අධ්‍යාපන පනතක්

2019-07-23 02:32:00       665
feature-top
සියලු පාසල් නියාමනය කළ හැකි නව අධ්‍යාපන පනත ළගදීම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු කියාසිටියේ එම පනත හරහා රජයේ සහ පෞද්ගලික මෙන්ම සෙසු සියලු පාසල්ද මෙහිදී අධීක්‍ෂණය කළ හැකි බවයි. අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පාසල් දරුවන්ට නොමිලේ කිරි පැකට්ටුවක් ලබාදීමේ සමාරම්භක අවස්ථාවට අද (23) පෙරුවරුවේ එක් වෙමින්.

කෙසේවෙතත් දැඩි ආන්දෝලනයට තුඩු දුන් මද්‍රසා පාසල් ද නියාමනයට අදාළව ගෙන ඒමට නියමිත නව පනත සම්බන්ධයෙන් සැක පවතින බවටයි  විවිධ පාර්ශ්ව චෝදනා කළේ. පූජ්‍ය ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමියන්ද පැවසුවේ අධ්‍යාපන පනතක් ගෙන ඒමේදී ඒ හරහා ආගමික අන්තවාදයක හෝ ජාතික අන්තවාදයක අභිමතාර්ථයන් ඉටු නොවී ජාතික අභිමතාර්ථයන් පමණක් ඉටු විය යුතු බවයි.
 


(under the courtesy of nethnews.lk news web)

More News »