නිවසක් තුළ සැක කටයුතු ලෙස සිටි තිදෙනෙක් අත්අඩංගුවට

2019-07-23 10:27:00       667
feature-top
කඩුවක් සහ ටී 56 ජීව උණ්ඩ 16 ක් සමග සැකකරුවන් තිදෙනෙකු එරාවුර්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අත්තිපට්ටි ප‍්‍රදේශයේ නිවසක් තුළ සැක කටයුතු ලෙස පුද්ගලයින් පිරිසක් රැදී සිටින බවට පොලීසියට ලද තොරතුරක් මතයි.

ඒ අනුව කළ වැටලීමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැණුනා. ඔවුන් සියළු දෙනා එරාවූර් ප‍්‍රදේශයේ පදිංචි තරුණයින්.

මේ අතර ඉකුත්දා මනිප්පායි ප‍්‍රදේශයේදී පොලීසිය සමග ගැටුණු ආවා කල්ලි සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

More News »