ඇල්පිටියේ බස් වර්ජනයක්

2019-07-23 09:13:00       668
feature-top
ඇල්පිටියෙන් ගමන් ආරම්භ කරන සියළු පෞද්ගලික බස් රථ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඇල්පිටිය - ගාල්ල, ඇල්පිටිය - අම්බලන්ගොඩ, ඇල්පිටිය - පැලවත්ත සහ ඇල්පිිටිය - මාපගලම යන මාර්ගවල බස් රථ සේවකයින් වර්ජනයට එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගාල්ලේ පැවැත්වෙන උපකාරක පංති සදහා සහභාගි වන ළමුන් ප‍්‍රවාහනයට සතියකට දින කිහිපයක් අවසරයකින් තොරව වෙනත් පාර්ශවයක් විසින් බස් රථ යොදවා ඇති බවට ඔවුන් චෝදනා කරනවා.

ඊට විරුද්ධව මෙම වර්ජනය සිදුකරන බවයි ඊට එක්ව සිටින පිරිස් පවසන්නේ.


(under the courtesy of nethnews.lk news web)

More News »