"ආගමික අමාත්‍යාංශයකට අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පනතක් සම්මත කර ගැනීමේ බලය දීම ඉතාම නරක තත්ත්වයක්"

2019-07-23 08:48:00       669
feature-top
මද්‍රසා පාසල් නියාමනයට ගෙනඒමට නියමිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් සැක පවතින බවට විවිධ පාර්ශ්ව අදහස් පළ කරනවා.

එහිදී ප‍්‍රකාශ කෙරුණේ මද්‍රසා පාසල් නියාමනයට අදාළ පනත කඩිනමින් සම්මත කර ගැනීමට සූදානමක් පවතින බවයි.

කෙසේවෙතත් අධ්‍යාපන පනතක් ගෙන ඒමේදී ඒ හරහා ආගමික අන්තවාදයක හෝ ජාතික අන්තවාදයක අභිමතාර්ථයන් ඉටු නොවිය යුතු බවද එහිදී අවධාරණය කෙරුණා. බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නේ ජාතික අභිමතාර්ථයන් ඉටුවන පරිදි එවැනි පනතක් සම්මත විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් පූජ්‍ය ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමියන්ද අදහස් පළ කළා. එහිදී පෙන්වා දුන්නේ මෙම පනත සම්මත කර ගැනීමට පෙර ජාතික සංවාදයක් ගොඩ නැගීම තුළින් ගැටලු රැසකට විසඳුම් සොයා ගත හැකි බවයි.  ආගමික අමාත්‍යාංශයකට අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පනතක් සම්මත කර ගැනීමේ බලය දීම ඉතාම නරක බවද සඳහන් කළා.

අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට අදාළ පනතක් සම්මත විය යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

අදාළ පනත් කෙටුම්පත අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. අදාළ පනතට අධ්‍යාපන අමාත්‍යවරයාද අත්සන් තබා ඇති බවටයි වාර්තා වන්නේ.


(under the courtesy of nethnews.lk news web)

More News »