අවසන් එකඟතාවය සඳහා මෛත්‍රි සහ මහින්ද හමුවකට යෝජනා කෙරේ

2019-07-23 08:47:00       669
feature-top
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කර ගැනීමට අපේක්ෂා කරන නව සන්ධානය සම්බන්ධයෙන් හෙට (24) රැස්වන මධ්‍යම කාරක සභාවේදී වැදගත් තීරණ කිහිපයකට එළඹෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසනවා.

අවසන් එකඟතාවන් සඳහා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ජා වටයක් පැවැත්වීමටද එහිදී යෝජනා කරන බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර පැවසුවේ.

ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ජා වටයක් පැවැත්වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන මෙම යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන්ද විමසීමක් කළා.

ඊට ප‍්‍රතිචාර දැක්වු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම කියා සිටියේ "විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කරනවා. හැබැයි ඊට පෙර ඒකාබද්ධ විපක්ෂයත් සමග වසර හතරහමාරක් හිටපු ඒ කණ්ඩායමත් සමග සහ ඒ පක්ෂ නායකයන් සමග වෙනම සාකච්ඡාවක් සිදු කරනවා. ඒ ඇතිවෙන එකඟතා අනුව තමයි 11 වැනිදා අපේ පක්ෂයේ අපේක්ෂකයා රටට කියන්නේ." යනුවෙනි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පිළිගත් පක්ෂ 10ක් සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹෙන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඊයේ (22) කියා සිටියා.


(under the courtesy of nethnews.lk news web)

More News »