පොලිස් වෙඩි පහරින් ‘ආවා’ කල්ලි සාමාජිකයෙකු මරුට.. විස්තරය මෙන්න..

2019-07-22 09:38:00       726
feature-top
යාපනය,මනිපායි , ඉනුවිල් ප්‍රදේශයේදී ආවා කල්ලි සාමාජිකයන් පිරිසක් සහ පොලීසිය අතර (20) රාත්‍රියේ ඇතිවූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට මාණිප්පායි පොලීසිය පවසයි.

තියුණු ආයුධ සමඟ නිවාස කිහිපයකට පහරදීම සඳහා ආවා කල්ලියේ පිරිසක් පැමිණෙන බවට මනිපායි පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් විසින් හදිසි වාහන පරීක්ෂාවක් සිදුකරමින් සිටි අතරතුර යතුරුපැදි 3 කින් ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයන් හය දෙනෙකු රාත්‍රි 9 ට පමණ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වී තිබෙ.

එම අවස්ථාවේදී ඔවුන් පොලිස් නිලධාරීන්ට කඩුවලින් පහරදීමට උත්සාහ කර ඇති අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු මියගොස් තිබෙ.

කෙසේ නමුත් ඔහු සමඟ පැමිණි අනෙක් පස්දෙනා යතුරුපැදිවලින් පලාගොස් ඇති අතර ආවා කල්ලි සාමාජිකයන් සතුව තිබූ කඩු 3 ක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කෙට ඇති බවටද මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.


(under the courtesy of nethnews.lk news web)

More News »