සුළු ජාතීන් 30%යි.. එන මැතිවරණයේ අප වැඩ අරඹනවා.. පරිස්සමෙන් සිටිනු..- අසාද් සාලි අනතුරු අගවයි..

2019-07-22 09:35:00       818
feature-top
මුස්ලිම් විවාහ නීතිය ෂරියා නීතිය සමග හා ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධය කුමක්දැයි විශාල ප්‍රශ්නයක් ඇති බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

ඉදිරි මැතිවරණයේදී මෙරට 30%ක් වූ සුළු ජාතීන් එක්ව අලුත් වැඩක් කරන බවද ඔහු පැවසීය.

මෙම 30%ක් වූ සුළු ජාතීන් ප්‍රමාණය එක්ව වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ හැකි බව ද ඔහු කියා සිටියේය.

එම 30% නිසා පරිස්සම් වන්නැයි ඉල්ලා සිටින බවද මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මාව ආණ්ඩුකාරවරයා අදහස් පළ කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »