එජාපය ජනාධිපතිවරණයට නව සන්ධානයකින්.. නමුත් ලකුණ අලියාමයි..

2019-07-22 09:12:00       670
feature-top
ගිනිගත්හේන නගරයේ නායයාම  පිලිබදව සොයා බැලිමේ නිරික්ෂණ චාරිකාවකට මාර්ග සහ මහ මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යය කබිර් හෂිම් මහතා (21) පස්වරුවේ  ගිනිගත්හේන නගරයට පැමිණිෙය්ය.

ගිනිගත්හේන නගරයේ නායයාමට ලක් වු  වෙලදසැල් සහ තවදුරටත් නායයාමේ අවධානමක් තිබෙන වෙලදසැල් පිලිබදව සහ නායයමේ අවධානමට ලක් වි ඇති හැටන් මහනුවර මාර්ගයේ කොටස පිලිබදව අමාත්‍යයවරයා සොයා බලා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව නගරයේ වෙළද ව්‍යාපාරික ප්‍රජාව සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමග සාකච්ඡා කරනු ලැබින.

ගිනිගත්හේන නගරයේ නායයාමට ලක් වු මාර්ගයේ කොටස ආරක්ෂිත බැම්මක් ඉදි කර මාර්ගය පුළුල් කිරිමටත්, නායයාමට ලක් වු වෙලදසැල් වෙනුවට අලුතින් මාර්ගය පුළුල් කරන ස්ථානයේම ඉදි කිරිම කෙරෙහි අවධානය යොමු කරන බව අමාත්‍යයවරයා කියා සිටියේය.

එක්සත් ජාතික පෙරමුණ තවත් දේශාපාලන පක්ෂ කිහිපයක් සමග එක් වි සන්ධාන ගත විම සම්බන්ධයෙන් තවදුරටත් එම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන බවත්, එක්සත් ජාතික පක්ෂයේ සලකුණ වෙනස් කිරිමේ කිසිදු අදහසක් නොමැති බවද එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ අමාත්‍යය කබිර් හෂිම් මහතා කියා සිටියි.
(under the courtesy of lankacnews.com news web)

More News »