ජනාධිපතිවරණයේ තීරණාත්මක බලවේගය පාඨලී හෙළි කරයි

2019-07-22 09:06:00       668
feature-top
මූලික අධ්‍යාපන සුදුසුකම් හෝ සපුරා නොමැති පුද්ගලයින්ට ජනාධිපතිවරණයක් ජය ගත නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ වර්තමානයේ රටට අවශ්‍යවන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙළක් බවයි.

එහිදී "මේ රටේ ජනාධිපතිවරණයට සාමාන්‍ය පෙළ උසස් පෙළවත් සමත් නැති..පවුලේ සාමාජිකයෝ හතර පස් දෙනෙක් එකතු කරගෙන අපේ අපේක්ෂකයා මෙයයි කියලා ඡන්දෙට දාලා ඡන්දයක් කරන්න කවුරුහරි හිතන් ඉන්නවා නම් ඒ අය මේ රටේ දැන උගත් සමාජයට කරන්නේ අපහාසයක්. අද මේ රටට අවශ්‍ය වන්නේ වාද විවාදවල පැටලෙන්නේ නැතුව රට ඉදිරියට ගෙන යන්න පුළුවන් සමාජ දේශපාලන බලවේගයක්. " යනුවෙන් ද සඳහන් කෙරුණා.

ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක බලවේගය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

"මේ මැතිවරණයේ ඉන්න ලොකුම බලවේගය එජාපයවත් පොහොට්ටුවවත් ජවිපෙවත් හෙළ උරුමයවත් වෙන පක්ෂ නෙමෙයි. අද මේ රටේ තියෙන ලක්ෂ එකසිය හැටක ඡන්දෙන් ලක්ෂ පනහක්ම ඉන්නේ කොයිම පක්ෂයකටවත් බැඳිච්ච නැති දැන උගත් පිරිසක්. ඔවුන් තමයි අනාගත ජයග්‍රාහකයා තීරණය කරන්නේ.  ඒ නිසා එක එක පක්ෂවලට අපේක්ෂකයෝ ඉදිරිපත් කළාට ඒ අය ජය ගන්නේ නෑ. "

අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ ඊයේ (21) පැවැති උත්සවයකට එක්වෙමින්.
 


(under the courtesy of nethnews.lk news web)

More News »