සිරවී ඇති නැවේ තෙල් ඉවත් කිරීම තවදුරටත්

2019-07-22 08:54:00       667
feature-top
ගාල්ල, රූමස්සල කඳු වැටිය ආසන්නයේ ගල් පර්වතයක හැපී සිරවී ඇති භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවේ ඉන්ධන ඉවත් කර ගැනීමේ කටයුතු අද (22) දිනයේද සිදු කෙරෙනවා. මේ වනවිටත්, එම කටයුතු ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා ප‍්‍රකාශ කළා.

ග්ලෝරි ටූ ගෝ ලෙස නම් කර ඇති අදාළ නෞකාව රූමස්සල කඳු වැටිය ආසන්නයේදී ඉන්ධන ටොන් 15 ක් සමග අනතුරට ලක්වුණේ ඉකුත් 18වැනිදායි. ඉකුත් දිනවල පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් එහි ඉන්ධන ඉවත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වූ අතර ඊයේ (21) දිනයේදී පොම්පවල සිදුවූ දෝෂයක් හේතුවෙන් ඉන්ධන ඉවත් කිරීම තාවකාලිකව නතර කිරීමට සිදුවුණා.

මෙම නෞකාවේ ඉන්ධන විසිරීමක් සිදුවුවහොත් රූමස්සල කොරල් පද්ධතියට හානිවීමක් මෙන්ම විශාල පරිසර දූෂණයක් ද සිදු වීමට ඉඩ ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා වැඩිදුරටත් පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

More News »