පෞද්ගලික නාලිකා දෙකකට එරෙහිව ඇමති මංගල නඩු පවරන්න යයි

2019-07-18 05:18:00       681
feature-top
තීනියාවල පාලිත හිමි විසින් තමන්ට එරෙහිව සිදු කරනු ලැබූ තහවුරු නොකරන ලද සහ ද්වේශ සහගත චෝදනාවලට පුළුල් ප්‍රචාරයක් ලබා දුන් පෞද්ගලික නාලිකා දෙකකට එරෙහිව රුපියල් බිලියනක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන ලෙස නීතීඥවරුන්ට තමන් උපදෙස් ලබා දුන් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

තීනියාවල පාලිත භික්ෂුන් වහන්සේ විසින් ඊයේ (18) දින මාධ්‍ය හමුවක් කැඳවා තමන්ට එරෙහිව සිදුකළ කරුණු සම්බන්ධයෙන් මෙම පෞද්ගලික මාධ්‍ය නාලිකා දෙක විසින් පුර්ව ප්‍රචාරයක් ලබාදුන් බවයි දැනට විදේශ සංචාරයක නිරතව සිටින මුදල් අමාත්‍යවරයා සඳහන් කලේ.

" මේ ස්වාමින් වහන්සේ ලංකා රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටියා. මම උන්වහන්සේව එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළා. ඒ ප්‍රතිපත්තිමය තීරණයක් මත. මා යටතේ තියන කිසිම ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලවලට පුජ්‍ය පක්ෂය පත්කරන්නේ නැහැ. එහෙම කරන එක වරදක් විදියටයි මම දකින්නේ. මම ලංකාවට පැමිණි වහාම ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක විස්තරයක් සිදුකරන්න බලාපොරොත්තු වනවා" යැයි මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »