හේමසිරි සහ පුජිතට ඇප දීමට එරෙහිව නීතිපති ගෙන් පෙත්සමක්

2019-07-18 04:02:00       667
feature-top
අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇප ලබා දීමේ මහේස්ත්‍රාත් නියෝගයට විරුද්ධව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් අද (18) ගොනු කර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික බව සඳහන් කරමින් මෙම ප්‍රතිශෝධන අයදුම්පත්‍රය ගොනුකළ බවයි.

අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදී එය වලක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේක්මව්රයාට සහ හිටපු පොලිස්පතිවරයාට එරෙහිව ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත නීතිමය පියවර ගැනීම සඳහා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කරනු ලැබුවේ.

ඒ අනුව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු ආරක්ෂක ලේකම්වරයාද නාරාහේන්පිට පොලිස් රෝහලේදී හිටපු පොලිස්පතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූවා.

රිමාන්ඩ් භාරයේ තබා සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාව ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් පසුගිය ජුලි 09 වෙනිදා  නියෝග කරනු ලැබූ අතර එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා මෙසේ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරනු ලැබුවේ.


(under the courtesy of nethnews.lk news web)

More News »