පොලිස් කොමිසමේ ලේකම් හෙටට කලින් අත්අඩංගුවට ගන්නැයි නීතිපති දන්වයි..

2019-07-18 03:56:00       670
feature-top
ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරිය හෙට දිනයට කලින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

මෙම දෙදෙනා අත්අඩංගුවට ගන්නැයි දන්වා ඇත්තේ ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිදුවීමටයි.

මේ අතර තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »