දක්ෂිණ අධිවේගයේ සියලු වාහන කහතුඩුව පිවිසුමෙන් පිට කරයි

2019-07-17 05:54:00       667
feature-top
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ප්‍රදේශයේ කන්ටේනර් රථයක් පෙරළීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් ගාල්ල සිට පැමිණෙන සියලු වාහන තාවකාලිකව කහතුඩුව පිවිසුමෙන් පිටත් කර හැරීමට පියවර ගෙන ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සඳහන් කළේය.

අදාළ කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බව ද ඕපනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »