නිතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට පැහැදිලි කිරිමක්

2019-07-17 03:46:00       665
feature-top
ඇවන්ගාර්ඩ් සිද්ධියට අදාලව ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක් වන දමයන්ති ජයරත්න අත් අඩංගුවට ගැනිම සදහා ප්‍රමාණවත් කරුණු ඇති බව නිතිපති ජනාධිපති නිතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරුණු පැහැදිලි කිරිමක් සිදුකර තිබෙනවා.

නිතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නිතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළේ වැඩබලන පොලිස්පතිවරයා විසින් සිදු කළ ඉල්ලිමකට අනුව නිතිපතිවරයා විසින් අදාල පැහැදිලි කිරිම සිදුකළ බවයි.

මේ අතර තමන් අත් අඩංගුවට ගැනිම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක විසින් ගොනුකර තිබු අපේක්ෂිත ඇප අයැදුම්පත කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ව්සින් අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.


(under the courtesy of nethnews.lk news web)

More News »