මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

2019-07-17 03:45:00       673
feature-top
මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ මන්තී‍්‍රවරුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් එම ප‍්‍රාදේශීය සභාවේ විශේෂ සභාවේ කටයුතු අද විනාඩි 30 කට පමණ සීමා වුණා.

විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් විසින් විශේෂ සභාවක් කැදවන ලෙස කර තිබූ යෝජනාවක් අනුවයි අද ප‍්‍රාදේශීය සභා විශේෂ සභාව කැදවා ඇත්තේ.

විපක්‍ෂය විසින් විශේෂ සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවලට බාහිරව සභාපතිවරයා විසින්ද න්‍යාය පත‍්‍රයට වෙනත් යෝජනා ඉදිරිපත් කර ඇති බව පවසමින් විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් විරෝධතාව පළ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඔවුන් අසුන්වලින් නැගිට න්‍යාය පත‍්‍ර විසි කරමින් සභාවේ කටයුතු පවත්වාගෙන යාමට සභාපතිවරයාට බාධා කර තිබෙනවා.

ඒ අනුව සභාව කල් තැබීමටයි සභාපති අනුර චන්දන ජයවන්දල කටයුතු කර ඇත්තේ.


(under the courtesy of nethnews.lk news web)

More News »