පොලිස් කොමිසමේ ලේකම්වරයාගේ ඇප අයදුම ප‍්‍රතික්‍ෂේප වෙයි

2019-07-17 03:38:00       668
feature-top
ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක විසින් ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම් පෙත්සම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද ප‍්‍රතික්‍ෂේප කළා.

එම පෙත්සමෙන් ඔහු ඉල්ලා තිබුණේ ඇවන්ට් ගාර්ඞ් පාවෙන අවි ගබඩාවක නීතිවිරෝධී ගිනිඅවි පවත්වාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.

යම් හෙයකින් මෙම චෝදනාවලට අත්අඩංගුවට ගතහොත් තමා ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

මෙම සිද්ධියට අදාළව  මහේස්ත‍්‍රාත් පරීක්ෂණයේදී ඔහු සැකකරුවකු ලෙසට නම් කර ඇත්තේ ගිනිඅවි පනත යටතේ බවයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක සදහන් කළේ. එබැවින් ඔහුට ඇප ලබා දීමට බලයක් නොමැති බව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා මෙහිදී ප‍්‍රකාශ කළා.
 


(under the courtesy of nethnews.lk news web)

More News »