ආර්ථික වර්ධනය 3%ට බසී
2019-07-15 10:40:00  ★ 703

2019 වර්ෂය සඳහා මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පුරෝකථනය කරනු ලබන බවට ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ, වසර ආරම්භයේ දී ඇස්තමේන්තු කරනු ලැබූ 4% මට්ටමේ සිට 3% ක් දක්වා ආර්ථික වර්ධන වේගය යළි පුරෝකථනය කර ඇති බවයි.
“ඇත්තවශයෙන්ම 2019 වර්ෂයේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව අපට සෑහීමකට පත්වන්නට බැහැ. වසර ආරම්භයේ දී 4% ක වර්ධනයක් අපේක්ෂා කළත් එය 3% ක් දක්වා සංශෝධනය කර තිබෙනවා“, යැයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයේ පසු ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
“ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත තාවකාලික අස්තමේන්තු අනුව, 2018 වසරේ සිව්වන කාර්තුවෙහි වාර්තා කරන ලද වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 1.8ක වර්ධනය හා සැසඳීමේ දී, ශ්‍රී ලංකා ආර්ථිකය 2019 වසරේ පළමු කාර්තුව තුළ දී සියයට 3.7%කින් හිතකර ලෙස වර්ධනය විය. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව සංචාරක හා ඒ ආශ්රිත සේවාවන්ගේ වර්ධනය වසර මුල දී අපේක්ෂිත මට්ටමට වඩා දුර්වල වීම තුළින් කෙටි කාලයේ දී ආර්ථික වර්ධනයට බලපෑම් ඇති කළ හැකි අතර, මන්දගාමී වූ ගෝලීය වර්ධනය ආර්ථිකයේ මැදිකාලීන වර්ධන අපේක්ෂා සඳහා බලපෑම් ඇති කරනු ඇත. කෙසේ වෙතත්, සමස්ත රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මෙන්ම අදාළ අධිකාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල සහයෝගයත් සමඟ සංචාරක අංශය යථා තත්ත්වයට පත්වෙමින් පැවතීම මෙන්ම, අපනයන අංශයේ වර්තමාන ක්‍රියාකාරීත්වය තුළින් ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වීම පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති කර ඇත“, යි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.
(under the courtesy of adaderana.lk news web)

ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..
2019-12-14 09:57:00ටෙලිකොම් සභාපති ශෂින්ද්‍ර රාජපක්ෂ..?
2019-12-14 09:03:00විදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..
2019-12-14 09:02:00සුදු වෑන් කිඹුලන් දෙදෙනා CID අත්අඩංගුවේ.. 04 වැනි තට්ටුවේදී ප්‍රශ්න කරයි..
2019-12-14 09:01:00පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් සොයන්න කමිටුවක්
2019-12-14 08:57:00අඩු කළ බදුවල වාසිය ජනතාවට දෙන්න ආණ්ඩුව වැඩ අරඹයි
2019-12-14 08:55:00නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ
2019-12-13 04:47:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com