ශ‍්‍රීලනිප 06ක් එජාපයට යන්න සූදානම්.. එජාප සංවිධායකයන්ගේ දැඩි විරෝධය…

2019-07-12 04:00:00       3720
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරුන් මෙම පිරිස එජාපයට එක් කර ගැනීමේදී ආසන සංවිධායක ධුර ලබා දීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

මන්ත්‍රීවරුන් හය දෙනෙකු පමණ මෙසේ එක්වීමට සූදානමින් ඇතත් දැනටමත් ඔවුන් නියෝජනය දිස්ත්‍රික්කයන්හි එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් දැඩි විරෝධය පළ කර ඇත.

ඊට හේතු ඇත්තේ මෙම මන්ත්‍රීවරුන් එජාපයට එක් වීම සඳහා ආසන සංවිධායක ධූරයක් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වීමයි.
(under the courtesy of lankacnews.com news web)

More News »