"ජ්‍යේෂ්ඨත්වය පමණක් සුදුසුකමක් නොවේ, එසේ නම් වෙල්ගමට වඩා මම සුදුසුයි" ඩබ්ලිව් ඩී ජේගෙන් වෙල්ගමට ප්‍රහාරයක්

2019-07-12 09:10:00       837
feature-top
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම යෝජනා කරන්නේ නම් ඒ සඳහා ඊට වඩා වැඩි සුදුසුකමක් තමන්ට තිබෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න පවසනවා.

කෙසේවෙතත්, ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමේදී ජ්‍යේෂ්ඨත්වය පමණක් සලකා බැලීම නිවැරදි නොවන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මෙහිදී කියා සිටියා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව ද තවදුරටත් විවිධ මත පළ වනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »