ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට හේතුව ණයට තෙල් දීමයි

2019-07-12 09:09:00       121
feature-top
රාජ්‍ය ආයතනවලින් අය විය යුතු ණය නිසි පරිදි අය නොවීම මෙන්ම පිරිපහදු ධාරිතාව වැඩි කර නොකිරීම ද ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට හේතුවක් වී ඇතැයි එහි වෘත්තීය සමිති පවසනවා.

මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජයගුණරත්න.

රාජ්‍ය ආයතනවලට ඉන්ධන ණයට ලබා දීම සීමා කළ හැකි නම් එයද, ඛණිජ තෙල් සංස්ථාවේ පාඩු අවම කර ගැනීමට ශක්තියක් වන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ඉකුත් දා ප‍්‍රබල ලෙස කතාබහට ලක්වූ ලංකා විදුලි බල මණ්ඩලයට මෙන්ම ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමට, ශ‍්‍රී ලංගමට සහ ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ද ඛණිජ තෙල් සංස්ථාව, ණය පහසුකම් යටතේ ඉන්ධන ලබා දෙන බව ද මෙහිදී සිහිපත් කෙරුණා.


(under the courtesy of nethnews.lk news web)

More News »