වර්ෂාවෙන් ජීවිත 18 ක් අහිමි වෙලා

2019-07-02 05:35:00       677
feature-top
දැඩි වර්ෂාවෙන් ඉන්දියාවේ මුම්බායි නුවර ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයන් දහඅට දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

මේ සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට අද(02) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර  මුම්බායි වැසියන්ට නිවෙස් තුළට වී සිටින ලෙසටත් උපදෙස් ලබාදී තිබුණි.

ඉකුත් ඉරිදා රාත්‍රියේ සිට මුම්බායි නගරයට අධික වැසි ඇදහැලෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය දශකය තුළ මෙම ප්‍රදේශයෙන් වාර්තාවූ වැඩිම වර්ෂාපතනය මෙය බවත් සඳහන් වෙයි.

ඒ සමඟ නගරයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

මහාමාර්ග සහ දුම්රිය මාර්ග රැසක්ද ජල ගැලීම්වලට හසුව ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

මේ හේතුවෙන් ප්‍රවාහන සේවාවන්ද අඩාලවී ඇති අතර ඉන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි.

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාද කිරීමටත් බලධාරීන්ට සිදුව තිබුණි.

මුම්බායි නගරයේ හටගෙන ඇති අයහපත් කාලගුණික තත්ත්වය සේවාවන් රැසක් අඩපණ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.


(under the courtesy of adaderana.lk news web)

More News »