පොහොට්ටු-ශ‍්‍රීලනිප එකගතා ගිවිසුම සුදානම්..

2019-06-27 05:47:00       660
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පිහිටුවීමට යෝජනා කර ඇති නව සන්ධානය සම්බන්ධයෙන් සකස් කළ ලියවිල්ලක් ඊයේ දිනයේ දෙපාර්ශ්වය විසින් හුවමාරු කරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල හා සෙසු සහෝදර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ලියවිලි වලට මධ්‍යම කාරක සභා අනුමැතිය ලැබීමෙන් පසු මාධ්‍ය වෙත නිකුත් කරන බවයි.

මීලග සාකච්ඡාවට ජුලි 05 වැනිදා පැවැත්වීමට නියමිතය.
(under the courtesy of lankacnews.com news web)

More News »