19 සංශෝධනය දිව්‍යාංගනාවක්, සුරංගනාවියක්.. ජනපතිට එපා වුණාට අපට කරන්න දෙයක් නෑ..

2019-06-27 04:56:00       687
feature-top
19 සංශෝධනය මෙරට ජනතාවට පෙනෙන්නේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දිව්‍යාංගනාවක් නැතහොත් සුරංගනාවියක් ලෙසින් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ජනාධිපතිවරයාට 19 සංශෝධනය මෙතරම් එපාවී ඇත්තේ ඔහුට කැමති අගමැතිවරයෙක් කැමති වෙලාවක පත්කර ගැනීමට නොහැකිවීමත් කැමති පරිදි පාර්ලිමේන්තුව විසුරුවීමට නොහැකි වීමත් නිසා බව ඔහු කියා සිටී.

19 සංශෝධනය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලද ව්‍යවස්ථාමය වෙනසක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

More News »