ව්‍යවස්ථා සංශෝධනය ජනපතිගේ බලතල කප්පාදු කිරීමේ උපක්‍රමයක් : නිදහස් පක්ෂ මහලේකම්

2019-06-25 05:19:00       329
feature-top
ජනාධිපතිවරයාගේ තටු කපා එතුමා නිකමෙකු ලෙස තබාගෙන තමන්ට බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කූට උපක‍්‍රමයක් යොදා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු උපදේශකවරයා ලෙස මෙයට සම්බන්ධ වූ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මෙහිදී ජනාධිපතිවරයාගේ බෙල්ල කපා ඇති බවත් සංශෝධනය හේතුවෙන් රාජ්‍ය පාලනය බෙදී ගොස් රට තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව මෙහිදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා
(under the courtesy of nethnews.lk news web)

More News »