උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි

2019-06-25 04:22:00       252
feature-top
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතියට අද පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 7ක්. අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින්.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,  මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ටත් උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඉතා ඉක්මණින් පාසල් පද්ධතිය තුළට මෙම ටැබ් පරිගණක බෙදාහැරීමට සහ ඊට අදාළ පුහුණු කිරීම් ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ලෙස දෙවැනිවර විභාගයට පෙනී සිට සමත් වූ  සහ ජාතික පාසල්වලට අනුයුක්ත ව ගුරු සහායක පත්වීම් ලබා සේවයේ යෙදී සිට උපාධි සුදුසුකම හෝ ගුරු පුහුණුව සම්පූර්ණ කිරීම මත ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගත් ගුරුවරුන් වෙනුවෙන් අද (25) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමින්ය. මෙහි දී නවක ගුරුවරුන් 44 දෙනෙකුට ගුරුපත්වීම් ප්‍රදානය කෙරුණා.


(under the courtesy of nethnews.lk news web)

More News »