"අලි රොෂාන්" ගේ නඩුව විභාගයට නීතිපතිවරයා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

2019-06-25 04:20:00       223
feature-top
වලංගු බලපත්‍රයක් නොමැතිව වන අලින් සිව්දෙනෙක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරුවරයා ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව මෙම විත්තිකරුවන්ට එරෙහිව ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගයක් කැඳවූ නමුත් එම අධිකරණයේ බලය සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් විත්තිකරුවන් 08 දෙනාව නිදහස් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඒ අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා ගෙන් ඉල්ලීමක් කළ බවයි නීතිපති සම්බන්ධිකරණ නිලධාරීන් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කලේ.


(under the courtesy of nethnews.lk news web)

More News »