"යාල්දේවි" දුම්රියේ ගැටී හමුදාවේ 4ක් ජිවිතක්ෂයට

2019-06-25 03:28:00       719
feature-top
යුධ හමුදා ට්‍රක් රථයක් අද (25) දහවල් කිලිනොච්චියේදී දුම්රියක ගැටීමෙන් යුධ හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටිනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ කිලිනොච්චිය 55 මංසන්ධිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක් හරහා ජලය රැගෙන ඒමට ගිය ට්‍රක් රථය ගමන් කිරීමේදී මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි.

කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ අදාළ පිරිස ගැටී ඇති අතර යුධ හමුදා හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති  බවද ඔහු සඳහන් කර සිටියා,

මියගිය පිරිස හා බරපතල තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව සඳහන්
(under the courtesy of nethnews.lk news web)

More News »