මෙරට මුස්ලිම් කොටසකට වෙනම සහන නීතියක් - මුස්ලිම් සභාවකින් අනුමත කළොත් 1% සහන පොළියට බැංකු ණය.!

2019-06-25 02:44:00       774
feature-top
මෙරට සාමාන්‍ය ජනතාවට 14%ත් 15 අතර පොළියකට යටත්ව ලබා දෙන බැංකු ණය, මුස්ලිම් වහබ්වාදින්ට 1%ක පොළියකට මෙරට වාණිජ බැංකු මගින් ලබා දීමක් සිදු කරන බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර අනාවරණ කරනවා.

හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ මුස්ලිම් සභාවකින් අනුමත කිරීමෙන් පසු මෙලෙසින් ඔවුන්ට ඉතා අඩු පොළියට ණය පහසුකම් හිමිවන බවයි.

එහිදී "හැම මුස්ලිම් කෙනෙකුටම මේ ණය පහසුකම හිමිවන්නේ නෑ. ඒ වගේ විශේෂ වූ වර්ගයක් මේ රටේ ඉන්නවා" යනුවෙන් සඳහන් කරනවා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වන හිටපු ආණ්ඩුකාරවරයා

"අපි බැංකුවකින් ණයක් ගන්න ගියොත් 14%-15% පොළියට ණයක් ගන්න වෙන්නෙ,. හැබැයි විශේෂ වූ වර්ගයක් මේ රටේ ඉන්නවා. ඒ හැම මුස්ලිම් කෙනෙක්ම නෙවෙයි, නමුත් වහබ්වාදී මුස්ලිම් ජනයාගේ අනුමත කරන සභාවකින් අනුමත කරන සභාවකින් අනුමත කෙරුවට පස්සේ ඒ අයට 1%ක පොළියට ලබා දෙනවා ණය." යනුවෙන් ප්‍රකාශ කර සිටියා.

හිටපු ආණ්ඩුකාරවරයා මෙහිදී තවත් හෙලිදරව්වක් සිදු කළා.

එහිදී "ලැජ්ජයි කියන්න. වර්තමාන ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරයෙක් ශ්‍රී පාද කන්ද මුදුනෙ තියෙන මරේ වත්ත අරාබි කාරයන්ට විකුණන්න ලෑස්ති කරලා. අද ඒකේ අරාබිකාරයෝ අයිතිකාරයෝ." යනුවෙන් සදහන් කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »