කළුතර ඇති වූ සිද්ධිය ගැන විපක්ෂනායක කතාකරයි

2019-06-25 09:48:00       726
feature-top
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළුතර රෝහලේදී ඊයේ (24) කි‍්‍රයාත්මක කළ මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහනට අමාත්‍ය රාජිත සේනාරත්නගේ නියෝජිතයින් පිරිසක් බාධා කිරීමේ සිද්ධිය දැඩි ලෙස හලා දකින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ මෙම කි‍්‍රයාකලාපය කිසිසේත් පිළිගත නොහැකි බවයි.

අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ කළුතර රෝහලේදී ආරම්භ කළා. එම අවස්ථාවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නියෝජිතයින් පිරිසක් යැයි පැවසෙන පිරිසක් පැමිණ කලහාකාරී ලෙස හැසිරීමත් සමග එම ස්ථානයේ නොසන්සුන්තාවක් ද හට ගැනුණා. ඊට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළුතර දිස්ති‍්‍රක්කයේ රෝහල්වල වැඩවර්ජනයක් ද ආරම්භ කළ අතර එය අද (25) පෙරවරු 08.00ට අවසන් කිරීමටයි නියමිතව තිබුණේ.  


(under the courtesy of nethnews.lk news web)

More News »