ඩී.බී. විජේතුංග ජනපතිගෙන් පසු මහනුවරට වැඩක් කලේ ඇමති කිරිඇල්ලයි..- CCTV පුජාව පිලිගෙන අස්ගිරි මහ නාහිමි කියති..

2019-06-25 09:05:00       684
feature-top
‘ඞී.බී. විජේතුංග ජනාධිපතිතුමාගෙන් පසු මහනුවරට දැනෙන සේවයක් කලේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා’ යයි අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඥාණරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ දින අමාත්‍යවරයා මහානායක හිමියන් බැහැදැකීමට පැමිණී අවස්ථාවේදිය.

පසුගියදා රට තුළ පැවති කලබලකාරී තත්ත්වය හේතුවෙන් කන්ද උඩරට ඉපැරණි ආගමික ස්ථානයන් ආරක්ෂා කිරීම උදෙසා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් අනුව කන්ද උඩරට උරුමය අමාත්‍යාංශය හරහා ක‍්‍රියාත්මක වන ”උඩරට උදානය” ව්‍යාපෘතිය ම`ගින් වෙන් කරන ලද රුපියල් ලක්ෂ 20කට ආසන්න ප‍්‍රතිපාදන තුළින් විශේෂ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක කරන ලද මහනුවර රදගුරු නිලනිවස සහ කාර්යාලය, මල්වතු මහා විහාරය හා අස්ගිරි මහා විහාරයෙහි සවිකරන ලද ආරක්ෂිත කැමරා පද්ධති ව්‍යාපෘතිය අවසන් කිරිමෙන් පසු නිරීක්ෂණය කිරීම හා එම ව්‍යාපෘතියට අදාළ ලිපිලේඛණ භාරදීම ඇමතිවරයා අතින් ඊයේ දින සිදුවිය.

අස්ගිරි මහාවිහාරයට පිවිසෙන මාර්ගයේ පැතිබැම්ම ප‍්‍රතිසංස්කරණය කිරිම ස`දහා මුල්ගල තැබීමද මෙහිදි සිදුකෙරිණ.

ඒ අනුව මහනුවර රදගුරු අතිඋතුම් වියානි ප‍්‍රනාන්දු පියතුමන් බැහැදැක ව්‍යාපෘතියට අදාල ලිපිලේඛණ භාරදීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහානායක හිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඥාණරතන මහානායක හිමියන් බැහැදැක ව්‍යාපෘතියට අදාල ලිපිලේඛණ උන්වහන්සේලා වෙත භාරදුණි.

එහිදී අදහස් දක්වමින් අස්ගිරි පාර්ශ්වයේ මහානායකහිමියන් ප‍්‍රකාශ කළේ ඞී.බී. විජේතුංග ජනාධිපතිතුමාගෙන් පසු මහනුවරට හා බෞද්ධ වෙහෙර විහාරවලට දැනෙන සංවර්ධනයක් සිදුකළේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා බවත් ඒ පිළිබ`දව උන්වහන්සේලාගේ ප‍්‍රශංසාව පිරිනමන අතර ඉදිරියටත් මෙම සේවය සිදුකිරීමට අමාත්‍යවරයාට ශක්තිය ධෙර්්‍යය ලැබේවා කියා ආශිංසනය කරන බවයි.

මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්ද ආගමික ස්ථානවල ආරක්ෂාව උදෙසා ගරු අමාත්‍යතුමන් කි‍්‍රයාත්මක කළ මෙම වැඩසටහනට සිය ප‍්‍රසාදය පලකළහ.

පසුව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වේ`ඩරුවේ උපාලි අනුනායක හිමියන් හා මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ද බැහැදුටු අතර එහිදි අමාත්‍යතුමන් ශාසනයේ අභිවෘද්ධිය උදෙසා සිදුකරන මෙම සේවාව වත්මන් තනතුරට වඩා ඉහළ තනතුරක් දරමින් තවදුරටත් සිදුකිරිමට උන්වහන්සේලා ආශිර්වාද කළහ.
(under the courtesy of lankacnews.com news web)

More News »