මුහුණේ මහන්සි පාට - නින්ද නොයෑම රාජ්‍ය නායකයෙකුට ගැලපෙන්නේ නෑලු

2019-06-25 09:04:00       685
feature-top
සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ප‍්‍රකාශයට පත් කිරීමට කලබල නොවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රකාශ කරනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට තිබිය යුතු සුදුසුකම් කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී පැහැදිළි කළා.

ඒ අනුව මේ රටේ මීළඟ ජනාධිපතිවරයා ලෝක බලවතුන් ඉදිරියේ දණ නොනමන නායකයෙක් විය යුතු බවත් ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව සටන් කරන.. බියගුල්ලෙකු නොවන නායකයෙක් විය යුතු බවත් සඳහන් කළා.

මුහුණේ මහන්සි පාට, නින්ද නොයෑම රාජ්‍ය නායකයෙකුට ගැලපෙන ලක්ෂන නොවන බවද කියා සිටියා.
 


(under the courtesy of nethnews.lk news web)

More News »