‘නමෝ නාරායනාය’’ හී කීර්ති දිසානායකට එරෙහි නඩුවකින් පැමිණිලි පාර්ශ්වයට ජය

2019-06-25 08:56:00       570
feature-top
‘‘නමෝ නාරායනාය’’ නමින් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ව්‍යාජ වාලම්පුරි අලෙවි කර මුදල් වංචා කිරීමේ චෝදනාව මත කීර්ති දිසානායක නමැත්තාට එරෙහිව පවරා තිබූ නඩුවකින් එහි පැමිණිලි පාර්ශ්වය ජය ගෙන තිබෙනවා.

ඔහුට එරෙහිව මෙලෙස මිරිහාන පොලීසියට පැමිණිලි කර තිබුණේ ‘‘නමෝ නාරායනාය’’ මධ්‍යස්ථානයෙන් රුපියල් 80,000ක් වටිනා  බව පැවසූ වාලම්පුරියක් මිලදී ගත් කාන්තාවක්. මෙම වාලම්පුරි ජාවාරම සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහන දිගින් දිගටම කළ අනාවරණයන්ගෙන් පසුවයි අදාළ කාන්තාව මිරිහාන පොලීසිය වෙත පැමිණිලි කර තිබුණේ.

ඒ අනුව පොලීසිය විසින් ‘‘නමෝ නාරායනාය’’ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කීර්ති දිසානායකට එරෙහිව ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාරිය අධිකරණයට දැනුම් දී ඇත්තේ ව්‍යාජ වාලම්පුරිය නැවත ලබා ගෙන තමන්ට මුදල් ලබා දෙන ලෙසයි. ඒ අනුව ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී කීර්ති දිසානායක විසින් පැමිණිලිකාරියට රුපියල් 80,000ක මුදලක් ලබා දී තිබෙනවා.

නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහනෙන් සිදු කළ අනාවරණයත් සමග මිරිහාන පොලීසිය විසින් කීර්ති දිසානායක නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයටද ඉදිරිපත් කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

More News »