බදියුදීන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

2019-06-24 03:14:00       689
feature-top
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් ද පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

කාරක සභාව යළි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන බදාදා දිනයේයි.

නෙත් නිවුස් කළ විමසීමකදී විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ ලබන බදාදා දිනයේ කාරක සභාව හමුවට කැඳවන පුද්ගලයින් පිළිබඳ හෙට (25) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන බදාදා පස්වරු 02.00 ට යළි රැස්වීමටයි නියමිතව ඇත්තේ.




(under the courtesy of nethnews.lk news web)

More News »