18 සංශෝධනයේ වගන්ති ඉවත් කල බවක්වත් ජනාධිපති දන්නෙ නෑ..- හේෂා

2019-06-24 02:31:00       492
feature-top
ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිරනයට සාර්ථාකව මුහුණ දිම සදහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට ශක්තිමත් වටපිටාවක් ගොඩනගා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප.ම  හේෂා විතානගේ මහතා පැවසිය.

එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ප්‍රදේශයේ සන්නිවේදන බලකාය හමුවිමෙන් අනතුරුව මාධ්‍යය හමුවක් පවත්වමින් හේෂා විතානගේ මහතා එ බැව් පැවසිය.

වසර ගණනාවක් දේශපාලන පක්ෂවලට ගැතිකම් කරපු මේ රටේ 50% ජනතාවක් මේ වන විට ස්වාධින වි ඇති බවත්, මේ රටේ දුප්පත් ජනතාවගේ දුක හදුනන රටට යහමගට රැගෙන යා හැකි නායකයෙකුට එම ජනතාව සහයෝගය ලබාදිමට බලාපොරොත්තුවෙන් සිටින බවයි හේෂා විතානගේ මහතා පැවසීය.

18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ඉවත් කල යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහාත විසින් කර ඇති ප්‍රකාශය අනුව එම බලතල මේ වන විට ඉවත්කර ඇති බවට ජනාධිපතිවරයා නොදැන සිටින බවයි හේෂා විතානගේ මන්ත්‍රිවරයා කියයි.
(under the courtesy of lankacnews.com news web)

More News »