ඇෆ්ගනිස්ථාන් හමුදා ප්‍රහාරයෙන් සටන්කාමීන් 80ක් මිය යයි

2019-06-22 03:12:00       684
feature-top
ඇෆ්ගනිස්ථානයේ ෆාරාබ් ප්‍රාන්තයේ එරට හමුදා සිදු කළ මෙහෙයුමකදී සටන්කාමීන් 80 දෙනෙකු මියගොස් තිබේ.

මෙහෙයුම අතරතුරදී තලෛබාන් සටන්කාමීන්ගේ කදවුරු ඉලක්ක කරගනිමින්  එල්ලකළ ප්‍රහාරවලදී  ඔවුන් මියගොස් ඇති බව වාර්තා වන්නේය.

ඇෆ්ගනිස්ථාන හමුදාව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මියගිය සටන්කාමීන් අතර තලෛබාන් සංවිධානයේ ඉහළ පෙළේ සාමාජිකයින් 16 දෙනෙකු වන බවයි.

ඇෆ්ගන් හමුදාව සිදුකළ මෙම සෝදිසි මෙහෙයුම අතරතුරදී ආරක්ෂක අංශ නිළධාරීන් සහ සිවිල් වැසියන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව සඳහන්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තලෛබාන් සටන්කාමීන් විසින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.


(under the courtesy of adaderana.lk news web)

More News »