ජල තටාකයකට වැටුණු විදුලි රැහැනකින් ඉන්දියාවේ දරුවන් 4ක් ජීවිතක්ෂයට

2019-06-22 03:10:00       681
feature-top
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජල තටාකයකට විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් විදුලි සැර වැඳි ළමුන් සිව් දෙනෙකු මියගොස් ඇත.

ළමුන් තටාකයේ සිටි අවස්ථාවේදී විදුලි රැහැනක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

විදුලි සැර වැදීමෙන් පිහිණුම් තටාකයේ සිහිසුන්ව සිටි ළමුන් රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසින් පියවර ගත්තද ඔවුන් ඒ වන විටත් මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කර ඇත.

මිය ගිය ළමුන් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු වන බව සඳහන්ය.

අදාළ සිද්ධිය මුල්කරගනිමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වී ඇති අතර විදුලි රැහැන කඩා වැටීම සම්බන්ධයෙන් උත්තර් ප්‍රදේශ් බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »