පාස්කු බෝම්බ කමිටුවට ජනාධිපති කැදවයි…?

2019-06-20 04:55:00       665
feature-top
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ද කැඳවීය යුතු බව සාකච්ඡා වී ඇත.

එමෙන්ම චෝදනා එල්ල වී තිබෙන හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ද කැඳවා කරුණු විමසීමට සාකච්ඡා කර තිබේ.

කාරක සභාව හමුවට තවත් පුද්ගලයන් විස්සකට ආසන්න පිරිසක් සාක්‍ෂි විමසීම සඳහා කැඳවීමට නියමිත බව ද වාර්තා වේ.

මේ අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත්වන සාක්ෂිකරුවන් කැදවීමේදී එම සාකච්චා මාධ්‍යට විවෘත නොකිරීමට ද තීරණය කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »