ඇමති ධුර බාර ගැනීම : හකීම්- බදියුදීන් වැට උඩට නගී..

2019-06-20 04:53:00       671
feature-top
නැවත ඇමැති ධුර භාර ගැනීම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසය දැනට නොකල යුතු යයි තීරණය කර තිබේ.

රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කොළඹ දිස්ත‍්‍රික් උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇත්තේ දැනට ඇමති ධුර බාර ගැනීම සිදු නොකළ යුතු බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් තවදුරටත් සාකච්ඡා කර හෙට දිනයේ දැනුම් දීමට නියමිතය.

මේ අතර රිෂාද් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත්තේ තමනට එල්ල වී ඇති චෝදනා පිළිබඳව පැවැත්වෙන විමර්ශනයන්ට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නැති නිසා ඇමතිධූර ලබා ගැනීම එතෙක් කල නොහැකි බවයි.

කෙසේ නමුත් ඉදිරි දිනවලදී මුස්ලිම් මැති ඇමති එක්ව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
(under the courtesy of lankacnews.com news web)

More News »